nawalapitiya
Spread the love

නාවලපිටිය සිරි ධම්මරත්න පිරිවෙනෙහි නායක ස්වාමින් වහන්සේ ඇතුළු සාමණේර හිමිවරුන් 08 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වෙයි.

නාවලපිටිය බව්වාගම සිරි ධම්මරත්න පිරිවෙනෙහි නායක ස්වාමින් වහන්සේ ඇතුළු එම පිරිවෙනෙහි වැඩමව සිටින සාමණේර හිමිවරුන් 08 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බව පස්භාගේ කොරලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ලලිත් කොළමුන්න මහතා පැවසිය.

එම පිරිවෙනෙහි වැඩම කර සිටින සාමණේර හිමිවරුන් සිව්දෙනෙකු ඉකුත් (29) දින කොවිඩ් 19 රෝග ලක්ෂණ මතුවිම නිසා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ප්‍රතිකාර ලබා ගැනිමට ගිය අවස්තාවේ සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව සාමණේවරුන් සිව්දෙනාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු විම නිසා එම පිරිවෙනෙහි නායක ස්වාමින් වහන්සේ ඇතුළු එම විහාරස්ථානයේ වැඩමව සිටින සියළුම භික්ෂුන් වහන්සේලා සහ සාමණේර හිමිවරුන් පි.සි.ආර් පරික්ෂණයට භාජනය කිරිමෙන් අනතුරුව නව අසාදිතයන්පස්දෙනෙකු හදුනාගත් බවයි පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

කොවිඩ් 19 වෛරසය අසාදනය වු නායක ස්වාමින් වහන්සේ ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කර අසාදිත සාමණේර හිමිවරුන් සහ ආශ්‍රිත තවත් සාමණේර හිමිවරුන් 13 දෙනෙකු එම විහාරස්ථානයේම ස්වයං නිරෝධානයට යොමු කල බවත්, එම විහාරස්ථානයට ගිහියන්ට ඇතුල්විම තහනම් කර ඇති බවත්,එම පිරිවෙන වෙත දාන ලබාදෙන බැතිමතුන් පිරිවෙන ඉදිරිපිට තබා ඇති මේසය මත දානය තබා යන ලෙස පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියි.