sanga
Spread the love
මේ ඔස්ට්රලියාවේ මෙල්බර්න් නුවරින් 100km ගිය තැන හමුවන වනවාසී බෞද්ධආරණ්යයකි. පින්තුරයේ සිටින කිසිදු භික්ෂුන් වහන්සේනමක් හෝ මෙහෙණින් වහන්සේ නමක් බෞද්ධ පරිසරයක් තුල උපත ලද්දෝ නොවෙති…..
අඩුම තරමින් බුදුදහමින් පෝෂණය වූ රටකවත් උපත ලද්දෝ නොවෙති.
උපන් දා සිට කර්මය, පුනර්භවය, නිවන යන සංකල්ප ශ්රවනය කළා වූ පිරිසක්ද නොවෙති. නමුත් අද මෙලොව යථාර්තය වටහාගෙන නිවන අරමුණු කරගනිමින් උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන පිරිසකි.
ඉදින් ශ්රී ලංකාව නම් ධර්මද්වීපයේ උපන් ඔබත් මාත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල කොතෙක් දුරට ගමන් කොට ඇත්දැයි නව වසරේදීවත් විමර්ශනය කර බැලිය යුතු යයි ඔබට නොහැගෙයිද?
සසර අතරමග හමුවුණු නවාතැන
අමර දිව්ය සුරපුර යැයි සිතාගෙන
එතෙර වෙන්න හැකි සසරින් දුක පිරුණ
මිතුර කිමද වීරිය නොවඩන කරුණ?