ආරම්භය
ශ්‍රී බුද්ධ වර්ෂ 2468 (ක්‍රි.ව.1925) දී ප්‍රදේශවාසී සිංඤෝ ප්‍රනාන්දු උපාසක මහතා සහ මච්චි ප්‍රනාන්දු උපාසිකා මාතාව විසින් පරිත්‍යග කරන ලද ඉඩම් කොටසක විහාරස්ථානයේ මුලාරම්භය සිදු වී ඇත.
පිහිටිම
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ (කි.මී.13 කණුව) සිරීමා බණ්ඩාරනායක මාවත ඔස්සේ මීටර් 100ක් පමණ දුරීන් පිහිටා ඇත.
ලිපිනය
ශ්‍රී විවේකාරාමය,සිරීමා බණ්ඩාරනායක මාවත,මහර,කඩවත.
දුරකතන අංකය – +94 0112 925 396
චෛත්‍යය
ඉදිකල වර්ෂය ක්‍රී.ව 1995.සර්වඤ්ඤ ධාතුන් වහන්සේලා නිදන් කර ඇති ඝන්ඨාකාර හැඩයෙන් යුත් මධ්‍යම ප්‍රමානයේ චෛත්‍යයකි.දෙපස පුජාසන දෙකකින් ද යුක්තය.
ඝන්ඨාර ස්තම්බය
නව සැලැස්මක් අනුව අලුතින් ඉදිකරන ලද මෙය එක්ටැම් ඝන්ඨාර කුළුනකි.ඝන්ඨාරය කුළුන මත සවිකර ඇත. පුදපුජා පැවැත්වෙන අවස්ථාවන්හිදී ශබ්ද පුජා පැවැත්වීමට උපයෝගී කරගනී.මෙය ඉදිකර විවෘත කරන ලද්දේ වර්ෂ 2008 දීය.
ආනන්ද බෝධී ශාඛාව
දඹදිව ආන්නද බෝධීන්වහන්සේගෙන් ගෙන ආ භීජයකින් හටගත් බෝධී අංකුරය රෝපණය කර ඇත්තේ එච්.එස්.ප්‍රනාන්දු උපාසිකා මාතාවගේ ප්‍රධාන දායකත්වයෙන් ක්‍රී.ව.1964 දීය.
වර්ෂ 2001දී බෝධීය සම්පුර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරන ලදී.දර්ශණීය රන් වැටකින් හා කැටයම් සහිත බෝධී ප්‍රාකාරයකින් සමන්විතයි.
ප්‍රාකාරය වටා අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශාන්ත වු බුද්ධ ප්‍රතිමා සහිත කුටි 27කි.ඉදිරිපස විදුරු ආවරණය තුල ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාන්ත වු බුද්ධ ප්‍රතිමාවයි.
නිරන්තරයෙන් බෝධීපුජා අටවිසි බුද්ධ පුජා ආදිය පවත්වනු ලබන ප්‍රදේශවාසින්ගේ ගෞරවාදරයට පාත්‍ර වු පුජණීය වන්දනීය ස්ථානයකී.ප්‍රතිසංස්කරණය කරන ලද නව බෝධීය 2001-08-03 දින විවෘත කරන ලදී.
නව විහාර ගෙය
2010 වර්ෂයේ ඉදි වු නව බුද්ධ මන්දිරයේ සමාධී පිළීම වහන්සේ ශාන්ත ලීලාවෙන් වැඩ සිටිති.මෙම බුද්ධ මන්දිරය තුල දිනපතා සිදු කෙරෙන බෝධීපුජාව ඇතුළු වීශේෂ බෝධී පුජාවන් මෙන්ම ආගමික පුද පුජාවන් ද පවත්වනු ලැබේ.
දේවාලය
බෝධීන් වහන්සේ අසල පිහිටා ඇති දේවාලය තුල පත්තිනි දේවාලය.විභීෂණ දේවාලය.කතරගම දේවාලය.විෂ්ණු දේවාලය ආදී කුටි හතරකින් යුක්තය.භාරහාර පුදපුජා පැවැත්වීම සදහා මෙය වර්ෂ 1995දී ඉදිකර ඇත.
විහාරස්ථානයට ප්‍රවිෂ්ඨ වන ස්ථානයේ බුදු පිළීම
විශාල ප්‍රමාණයේ ශෛලමය සම්ප්‍රදයෙට ඉදිනර ඇති ප්‍රතිමා දෙකකී.මාර්ගයේ ගමන් ගන්නා බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වී ඇත.මෙම ප්‍රතිමා වහන්සේලා දෙපස සැදැහැවතුන්ගේ නෙත් සිත් වසග කරන මුර්ති කැටයම් වලින්ද සමන්විත වේ.
බොදුහද සනහන පින්බිම
ලක්බිම ජාතික පුවත්පතේ පළවු ලිපියක් ඇසුරෙන්,
උතුරු කළුතර අශෝකාරාමාධිපති කොළඹ නව කෝරළයේ හා නව තොටමුණේ ප්‍රධාන සංඝනායක ධුරන්දර පූජනීය පරකඩුවේ සරණංකර නාහිමිපාණන් වහන්සේ දායක ඇරයුම පරිදි මහර ශ්‍රී විවේකාරාමයට වැඩම කළහ.
1999 ජනවාරි මස ගෞරවණීය නායක ස්වාමීන් වහන්සේ විහාරස්ථානයට වඩිනවිට පන්සල වල්බිහි වී ධර්මශාලාව, ආවාසගෙය වසාදමා ජරාවාස තත්ත්වයට පත්වී තිබුණි.
නායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි තම ශිෂ්‍ය පූජ්‍ය මීගහතැන්නේ සංඝරක්ඛිත හිමියෝ විහාරස්ථානයේ භාරකාරත්වයට පත්වුහ.
නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සංඝරක්ඛිත හිමියන්ගේ අප්‍රතිහත ධෛර්යය නිසා විහාරස්ථානයත් මහර ගම් පියසත් ආගමික වශයෙන් සුවිශාල පිබිදීමකට ලක්විය.
නොයෙක් නොයෙක් වශයෙන් හේතුමත භේද භින්න වී විහාරස්ථානය අත්හැර දමා සිටි ගම් වැසියන් සමගියෙන් විහාරස්ථානය මුල්කරගෙන නැගී සිටියෝය.
පන්සලේ අලුත් ආගමික හා සාමාජික වැඩපිළිවෙළ ගම් වැසියන් තව තවත් ආගම දහමට නැඹුරු කරන්නට විය.
වත්පිළිවෙත් අකුරටම ඉටුවිය. කලක් අරාජිකව පාළුවට ගොස් වල්බිහිව තිබු ගමේ ආගමික ස්ථානය දහම් පිපාසාවෙන් පෙළෙන අධ්‍යාත්මික සුවය සොයන මිනිසුන්ගේ ගතසිත සනහන ප්‍රමාණයෙන් කුඩා වුවත් මහා පුද බිමක් විය.
පන්සල තුළින් ගමෙන් පන්සලට හා පන්සලෙන් ගමට යන තේමාව මුල්කරගෙන වැඩසටහන් රාශියක් ක්‍රියාත්මකය.
මහර ප්‍රදේශයේ අනන්‍යතාව මහර වෙසක් ෙතාරණයි. දිගු ඉතිහාසයකට හිමිකම් කියන මහර වෙසක් තොරණ 2009 වර්ෂයට පෙර කලක් තිස්සේ අතහැර දමා තිබූ නමුත් විහාරය කෘත්‍යාධිකාරී හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා විහාරස්ථානයට අනුබද්ධ විවිධ සමිති සංවිධානවල පුරෝගාමීත්වයෙන් නැවත ඉදිකිරීම ආරම්භ විය.
ප්‍රදේශයේ මෙන්ම රටේත් ආගමික ප්‍රබෝධයට තුඩුදෙන මෙම කාර්යය සාර්ථකව ඉටුකිරීමට හැකිවුයේ ආධාර උපකාරය නිසා බව සිහිපත් කළ යුතුය.
අවමංගල්‍ය හා ආගමික අවශ්‍යතාවන් සඳහා ටකරන් ආවරණ හා ප්ලාස්ටික් පුටු ආදිය නොමිලේ ප්‍රදේශවාසීන්ට සැපයීමේ අවමංගල්‍යාධාර සේවාවක් ද පන්සල මුල් කරගෙන පවතී. සතර පේරුවේ දායක කාරකාදීන්ට ඉන් සුවිශාල සේවාවක් සිදුවේ.
බාල තරුණ මහලු කාටත් විහාරස්ථානයෙන් සැලසෙන සේවාව ඉමහත්ය.
ධර්මරාජ යොවුන් පදනම මගින් ගමේ තරුණ තරුණියන් එක්වී පොදු ආගමික සාමාජික කටයුතු රාශියක් සිදු කරයි. අපතේ යන තරුණ ජවය ගමට රටට ආගමට ළුලදායී ලෙස යොදා ගැනීම අරමුණයි.
පන්සිල් සුරකින ගුණ යහපත් තරුණ පරපුරක් ඉන් ගමේ බිහිවී ඇත. අපේ ජාතික ඇඳුම ප්‍රතික්ෂේප කරන තරුණ තරුණියන් සිටින වර්තමානයේ මහර ධර්මරාජ පදනමේ තරුණ තරුණියෝ ජාතික ඇඳුමෙන් සැරසී සිටිති.
1974 දී ආරම්භ කර ඇති ශ්‍රී ධර්මරාජ දහම් පාසල පසු කිලීනව අභාවයට ගොස් තිබුණි.
මෑතකදී නව වැඩපිළීවෙළක් සහිතව නැවත ඇරඹ් දහම් පාසල ලංකාවේ ඇති දහම් පාසල් අතර සුවිශේෂී වැඩපිළීවෙළක් සහිත දහම් පාසලකි.
ගුණයෙන් මෙන්ම ඥානයෙන්ද පිරිපුන් මනා පෞරුෂත්වයකින් හෙබි පරපුරක් නිර්මාණය කිරීම ධර්මරාජ දහම් පාසලේ පරමාර්ථයයි.
පෙරදිග තූර්යවාදක කණ්ඩායම, මාධ්‍ය ඒකකය, බැති ගී කණ්ඩායම ආදිය තුළිනුත් දක්ෂ ආචාර්ය මණ්ඩලයක මගපෙන්වීම තුළිනුත් ධර්මරාජ සිසුවා ශික්ෂණය ලබයි.
දහම් පාසල සඳහා ගොඩනැගිලි පහසුකම්වල විශාල අඩුවක් පවතී. දහම් පාසල පැවැත්වෙන දිනවල සිසු දරුවනුත් ආචාර්ය මණ්ඩලයත් අව් වැසිවලින් පීඩාවිඳිති.
පස් මහල් ගොඩනැගිල්ල සඳහා සැලසුම් සකස්කර තිබුණත් ප්‍රතිපාදන සපයා ගැනීමේ අපහසුතාවය නිසා ඉදිකිරීම් ප්‍රමාද වෙමින් පවතී. ගුණ ගරුක අනාගත පරපුරක් බිහිකිරීමේ මහා සත්කාරයට දානපතීන්ගේ ආධාරය අපේක්ෂිතය.
පොත පතට ආදරය කරන දැනුම් පිපාසාවෙන් පෙළෙන ලොකු කුඩා හැමට දැනුම් සාගරයකි. ධර්මරාජ පුස්තකාලය පොත්පත් 4,000 කින් පමණ සමන්විතය. ලංකාවේ බොහෝ විහාරස්ථානවල පුස්තකාල ඉබි යතුරු දමා වසා ඇති යුගයේ ධර්මරාජ පුස්තකාලය සැමටම විවෘතව පැවතීම අගය කළ යුත්තකි.
ධර්මරාජ පදනම ප්‍රදේශයේ දානපතීන් කීපදෙනෙකුගෙන් යුක්තව පිහිටුවාගත් සමාජ සේවා සංවිධානයකි. මූලිකම කාර්යභාර්ය ඉගෙනීමට දක්ෂතා ඇති අඩු ආදායම්ලාභී දර්වන්ට අතහිත දීමයි.
දැනට අ.පො.ස. (සාපෙළ) සමත්ව උසස් පෙළ හදාරණ සිසු සිසුවියන් ගණනාවකට ආධාර කර ඇත.වර්තමානයේ දක්ෂ දරුවන් 12 දෙනෙකුට මසකට රු.1000 බැගින් ශිෂ්‍යාධාර පිරිනමයි.
2600 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය අනුස්මරණය කිරීම වස් පිහිටුවාගත් කුළඟන සමිතිය වර්තමාන විශාඛාවන් බඳු ගම් වාසි කුළ කාන්තාවන්ට ආගමට දහමට වැඩ කරන්නට පාරමිතා පුරන්නට මහඟු අවස්ථාවකි. දිනපතා බෝධි පූජා ධර්ම දේශනා ආදී ආගමික වැඩ සටහන් තුළින් බොදු මහජනයාගේ අධ්‍යාත්මය පෝෂණය කරයි.
විශේෂයෙන් විහාරස්ථානයේ වැඩ සිටින ආන්නද බෝධි රාජයාණන් වහන්සේගේ ආශිර්වාදය ගම් වැසියෝ නිරන්තරයෙන් අපේක්ෂා කරති.
තම ලෝකෝත්තර ජිවිතයේ අනේකවිධ දුක්ඛ දෝමනස්සයන් සංසිඳවා ගැනීම උදෙසාත් ත්‍රිවිධරත්නයේ ගුණ සිහි කරගෙන ශ්‍රද්ධාවෙන් වැඳුම් පිඳුම්වල නිරත වේ. ඒ තුළින් විශාල ලෙස සහනය උදාකරගත් අය අපමණය.
ඉදිරියේදී මහර ශ්‍රී විවේකාරාමය නම් සුන්දර පුදබිම ආගමික වශයෙනුත් ජාතික හා අන්තර්ජාතික වශයෙනුත් ගොඩනැගිමට කටයුතු සිදුවෙමින් තිබේ.
දැනට සිදුවන ආගමික සාමාජික අධ්‍යාපනික මෙහෙවර පුළුල් කරන්නට කොළඹ නව කෝරළයේ හා නව තොටමුණේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය පරකඩුවේ සරණංකර ස්වාමිපාදයාණන් වහන්සේගේ අනුශාසනාපරිදි කෘතයාධිකාරි පූජ්‍ය මීගහතැන්නේ සංඝරක්ඛිත හිමියනුත් දායක සභාවත් කටයුතු කරමින් සිටිති.
සියලුම දුක් පීඩා දුරලන්නයි
සියලු සතුන් හට සෙත සලසන්නයි
සිතුම් පැතුම් සිතු ලෙස ඉටු වන්නයි
ඒ තුම් බෝධිය වුඳුම් ලබන්නයි.
Origin and the Location of the temple
Origin – Year 2468 in the Buddhist era (Year 1925 A.D.)
The temple has been originally on a block of land donated by devotees in the area named Singho Fernando and Machchi Fernando
Address – Sri Vivekaramaya,Sirima Bandaranayake Mawatha,Mahara,Kadawatha.
Location – Located on sirima Bandaranayake Mawatha, about100 meters away from Colombo/Kandy high way (at the 13k.m. Post)
Telephone – +94 0112 925 396 / 0718 426 526
Relic depository
Year of construction 1995 A.D.
This is a medium size bell shaped pagoda with Buddha Relics enshrined. There are two altars on either side.
Bo tree
The sapling of the Bo-tree the seed at while belongs as Ananda Bodhiya in India. It was planted under the patronage of the female devotee Mrs.H.S.Fernando in 1964.
The terrace round the Bo-tree was renovated completely in 2001.A gold plated fence has been constructed around the Bo-tree.
There are 27 small houses for the statues of 27 Buddhas. In the fore front there is a large image house with a glass shutter. A serene image of the Gauthama Buddha is housed in it. The people who perform Bodhi puja and Atawisi Buddha puja regularly treat this place as sacred.
The terrace round the Bo-tree was renovated and reopened on 03.08.2001.
Shrine Room
In the absence of a separate shrine room a Buddha statue of the specified size together with the statues of Agra shrawakes,arahant Sarputra and Arahant Moggalana is housed in a separate sanctum which is attached to the terrace around the Bo-tree.This place is presently being used as the main shrine room and all religious rites are performed at this sanctum which is part of the old shrine room. A new shrine room is being constructed at present.
Devalaya
Devalaya which is by the side of the Bo-tree is comprised of four cubicles for :-
- Pattini Devalaya
- Vibhishana Devalaya
- Kataragama Devalaya
- Vishnu Devala
Devalaya was inaugurated in 1995 for the performance of religious rites.
Buddha statue at the main entrance of the temple
This is a large statue constructed according to the rock tradition. This statue which is worshipped by the passers by was opened on Vesak full moon poya day in the year 2547in the Buddhist era 15-05-2003 A.D.